නවීන තාක්ෂණයෙන් පිරි ඉරාන සබ්මැරිනයක්



ඉරානය එරට නිෂ්පාදනය කළ තවත් සබ්මැරීනයක් නාවික හමුදාවට එක් කිරීමට සූදානම් වෙයි. සබ්මැරීනයට අති නවීන තාක්ෂණය යොදා ගෙන ඇති බවත් කෲස් මිසයිල අන්තර්ගත බවත් ඉරාන පුවත් සේවා වාර්තා කරයි.

‘ආක්‍රමණිකයා’ යන නමින් නම් කර ඇති මෙම සබ්මැරීනය විවෘත කිරීම සිදුවනු ඇත්තේ ඉරාන ජනාධිපති හසන් රොව්හානිගේ ප්‍රධානත්වයෙන් බව ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS