නවතා තිබු කාර් හතරක් ගිනි ගනියි



කුවේට් රාජ්‍යයේ සල්වා දිස්ත්‍රිකයේ රථගාලක නවතා තිබු කාර් හතරක් හදිසියේ ගිනිගෙන විනාශ වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

මුලින්ම එක් කාරයක් ගිනිගෙන ඉන් පසු අසල නවතා තිබු කාර් වලට ගින්න පැතිර ගොස් ඇති බව කරන ලද මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත. 

ගිනිගැනීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර මහජන ආරක්ෂක අංශයේ නිළධාරීන් පැමිණ ගින්න පාළනය කිරීම සදහා කටයුතු කර ඇත. 

ගිනිගැනීමට හේතුවූ කරුණු සොයා බැලීම සදහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර ඇත.

 

ජානක ප්‍රියදර්ශණ ජයතිලක
(ජි.ඩි.එන්.ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS