නවකථාකරු වෙඩි පහරින් මරුට



ඉරාකයේ ප්‍රසිද්ධ නවකථාකරුවෙක්ව වෙඩිතබා ඝාතනය කර ඇති බව වාර්තා වේ. 

මෝටර් සයිකලයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙක් වෙඩි කීපයක් එල්ල කර වයස අවුරුදු 50ක් වු අලා මෂ්ෂූබ් නම් ඉරාක නවකථාකරුව කබාලා නුවර ඔහුගේ නිවස ආසන්යේදි ඝාතනය කර ඇත.

විශේෂිත නවකථාකරුවෙක් සහ නිර්මාණකරුවෙක් රටට අහිමි වී ඇති බවත් ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බව ඝාතනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාක සංස්කෘතික සහ සංචාරක අමාත්‍ය, අබ්දුල් අමීර් අල්-හම්ඩානි ප්‍රකාශ කළේ ය.

රටට අත්‍යාවශ්‍ය මොහොතක මෙවැනි වටිනා පුද්ගලයින් ආරක්ෂා කරගැනීමට නොහැකි වීම සහ කතුවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉරාක කතුවරුන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැක ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්,කබාලා නුවර)


RECOMMEND POSTS