නව රජයට හිස්බුල්ලා නියෝජනයක්



දේශපාලන අර්බුදය අවසන් කරමින්, නව රජයක් පිහිටුවා ගැනීමට ලෙබනනයට හැකියාව ලැබී ඇත.

ඇමෙරිකාව විසින් ඔවුන්ගේ ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර සිටින ඉරාන හිතවාදී හිස්බුල්ලා සංවිධානය ද මෙම නව රජය සමඟ හවුල් වී සිටින බව පැවැසෙයි.

ජාතික රජයක් ලෙසින් නව රජය පිහිටුවා ඇති අතර, වර්තමානයේ පවතින අර්බුද විසදීමට නම රජය සමත් වනු ඇතැයි තම විශ්වාස යැයි ලෙබනන් අගමැති සාද් අල් හරීරි මාධ්‍ය හමුවේ පවසා ඇත. හරාරි ට ප්‍රංශය ඇතුළු බටහිර රටවල සහාය නොඅඩුව ලැබේ.

පසුගිය වසරේ මැයි මාසයේදී පැවැති මැතිවරණයෙන් කැපී පෙනෙන ආසන ගණනක් දිනාගැනීමට හිස්බුල්ලා සංවිධානයේ දේශපාලන අංශය සමත් විය. නව රජයේ කොටස්කරුවකු වීමට හිස්බුල්ලා සංවිධානය සමත් වූයේ ඒ අනුවය. හිස්බුල්ලා සංවිධානය දේශපාලනික සහ සන්නද්ධ ආදී වශයෙන් කොටස් දෙකකි.

ලෙබනනය මේ වනවිට දැඩි ආර්ථික පරිහානියකට ලක්ව ඇති බව පැවැසෙයි. ඊට විසඳුමක් සෙවීම සහ ජනතාවට සහන දීම නව රජයේ ප්‍රමුඛත්වය වනු ඇති බවත්, ඒ වෙනුවෙන් කැප කිරීම් කිරීමට සිදුවනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

බීරූට්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS