නව තෙල් නිධියක් සොයා ගනියි



බොර තෙල් බැරල් බිලියන 22ක තෙල් නිධියක් සොයා ගෙන ඇති බව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය නිවේදනය කරනවා.

නව තෙල් නිධිය සොයා ගැනීමත් සමඟ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සතු තෙල් සංචිතය විශාල ලෙස ඉහළ යන අතර, 2019 වසර අවසන් වනවිට තෙල් බැරල් බිලියන 97.8ක් විය.

අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නද්ධ හමුදා ප්‍රධානී, ෂෙයික් මොහොමඩ් බින් සෙයිද් අල් නහියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී තෙල් නිධිය සම්බන්ධයෙන් තොරතුරු නිවේදනය කර ඇත.

ඉදිරි වසර පහක කාලය තුළ ප්‍රාග්ධන ආයෝජනය ඩිරාම් බිලියන 448 (ඇමරිකානු ඩොලර් බිලියන 121) දක්වා වැඩි කිරීමට අබුඩාබි ජාතික තෙල් සමාගම කටයුතු කරන බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS