නව තෙල් නිධියක් ඉරානයේ



බොර තෙල් බැරල් බිලියන 53 ක් අඩංගු නව තෙල් නිධියක් හමුවුණු බව ඉරාන ජනාධිපති හසන් රොව්හානී කියයි.

ඉරාන ඉරාක දේශසීමාවට ආසන්නව පිහිටි කුසෙස්තාන් පළාතේ මෙම තෙල් නිධිය පිහිටා ඇති බවත් එය කිලෝ මීටර් 2,400 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින බවත් ඉරාන ජනපතිවරයා කියයි. තෙල් නිධිය සොයා ගැනීමට හැකිවී ඇත්තේ කිලෝ මීටර් 80 ක් ගැඹුරිනි.

තෙල් නිධි බහුල වුවත්, තෙල් විකුණා ගැනීම ඉරානයට ගැටලුවක් වී ඇත. ඒ, ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙනි.

ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැදිහත් වී ඉරානයට සම්බාධක පනවා ඇත්තේ, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවනවා යැයි චෝදනා කරමිනි.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS