නව තානාපතිවරයෙක් පත්කරයි
සෞදි අරාබිය බහරේන් රාජ්‍යයට තානාපතිවරයෙක් පත් කළ බව නිවේදනය කළේ ය.
සෞදි රජු, සල්මාන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් ඉදිරියේ සුල්තාන් බින් අහමඩ් බින් අබ්දුලාසීස් අල්-සෞඩ් කුමරු තානාපතිවරයෙක් වශයෙන් දිවුරුම් දී ඇත.
දිවුරුම් දීමේ උත්සව අවස්ථාවට සෞදි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුලාසීස් අල්-සවුඩ්ද සහභාගි වී ඇත.
බලශක්ති අමාත්‍ය, අබ්දුලාසීස් බින් සල්මාන් බින් අබ්දුලාසිස්, රාජ්‍ය අමාත්‍ය සහ කැබිනට් සාමාජික ටර්කි බින් මොහොමඩ් බින් ෆාඩ් බින් අබ්දුලාසිස්, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, අබ්දුලාසීස් බින් සෞඩ් බින් නයෙෆ් බින් අබ්දුලාසීස් සහ ජේෂ්ඨ නිලධාරීන් පිරිසක්ද පැමිණ සිටි බව වාර්තා වේ.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)