නව ජෝර්දාන රජය දිවුරුම් දෙයි.



 

(ජෝර්දානයේ අගමැති හනී මුල්කි)

පසුගියදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගත් ජෝර්දානයේ අගමැති හනී මුල්කි සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය ඊයේ (බදාදා) ජෝර්දානයේ අබ්දුල්ලා රජු ඉදිරියේ දිව්රුම් දුන්නේය.

64 වැනි වියේ පසුවන මුල්කි මීට පෙර  රාජ්‍ය තාන්ත්‍රික හා ඇමති තනතුරු ගණනාවක් දරා ඇති පලපුරුදු දේශපාලකයෙකි.

නව කැබිනට් මණ්ඩලය 29 දෙනෙකුගෙන් සමන්විත වෙයි. අගමැති මුල්කි  සිය පළමු රජය පිහිටවුයේ මෙම වසරේ ජූනි 1දාය. 

නව කැබිනට් මණ්ඩලයට කාන්තාවෝ දෙදෙනෙක්ද ඇතුළත් වෙති.

නව ඇමැතිවරුන්ගෙන් පස් දෙනෙක් නවකයෝ  වෙති.


RECOMMEND POSTS