නව ජනපති ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායල අගමැතිට ඇරැයුමක්



ලබන පෙබරවාරියේ වොෂින්ටනයට පැමිණෙන්නැයි ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුට ආරාධානා කර ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.

වොෂින්ටනයේ ධවල මන්දිරයේදී ඇමෙරිකාවේ නව ජනාධිපති සහ ඊශ්‍රායල අගමැති අතරේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවටත් ඊශ්‍රායල පලස්තීන අර්බුදය ගැන ට්‍රම්ප් සහ නෙදන්යාහු අතරේ සාකච්ඡා කෙරෙනු ඇති බවටත් ද විශ්වාසය පළ වී ඇත.
ට්‍රම්ප් මෙසේ ශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුට ආරාධානා කර ඇත්තේ දුරකතන ඇමැතුමක් ලබා දෙමින් යැයි ද ඊශ්‍රායල මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

එම දුරකතන කතාබහේදී කලාපීය ආරක්ෂාව සහ තවත් කරුණු රැසක් ගැන රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා වුණැයි ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී.

 

(ඊශ්‍රායල මාධ්‍ය ඇසුරිනි)


RECOMMEND POSTS