නව ගුවන්තොටුපොළ විවෘත වෙයි



සෞදි අරාබියේ ටබුක් පලාතේ අලුතින් ඉදිකරන ලද නියොම් බේ ගුවන්තොටුපල පසුගියදා බඳාදා (ජුලි 03) විවෘත කර ඇත.

කලාපයේ 5G රැහැන් රහිත ජාල සේවාව භාවිතා කරන පළමු ගුවන් තොටුපළ නියොම් බේ ගුවන්තොටුපළ බව සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පවසයි.

“2030 සෞදි දැක්ම අනුව, නවීන තාක්‍ෂණය සමඟ අපි අඛණ්ඩව අනාගතය කරා ගමන් කරමින් සිටිමු” යනුවෙන් අමාත්‍යාංශයට අයත් නිල ට්විටර් පිටුවේපළ කර ඇත.

ගුවන් තොටුපල නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති, අබ්දුල්හාඩි බින් අහමඩ් අල් මන්සුරි, සෞදී අරාබියානු ගුවන් සමාගමේ අධ්‍යක්ෂ ජනරාල්, සාලේ අල්-ජැසර් සහ නියෝම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නස්මි අල්-නස්ර් සහභාගි වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS