නව ගමනාන්ත කීපයක්



සිය සේවාවන් පුළුල් කරමින් ජුනි මාසයේදි කැසබ්ලැන්කාවටත්, ජුලි මාසයේදි ස්තාම්බුල් නුවරටත්,ඔක්තෝබර් මාසයේදි මොස්කව් නුවරටත් ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් ඕමාන් ගුවන් සේවය සඳහන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

පැරිස් නුවරට සහ යුරෝපයේ අනිකුත් ගමනාන්න වෙත මඟී ධාරිතාවය ඉහළ දැමීමට සැළසුම් සකස් කරමින් සිටින බවත් බේරූට්, ඩකා සහ සිංගප්පුරුවට නැවත ගුවන්ගමන් ආරම්භ කිරීමටඅවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරගැනීම සඳහා ඉහළ පෙලේ නිලධාරීන් සමඟ අධ්‍යයනය කරමින් සිටින බව ගුවන් සමාගම ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS