නව කතානායකවරයෙක්



පැවැති මහ මැතිවරණයෙන් මාස ගණනකය පසු, නව රජයක් පිහිටුවීමේ අරමුණ ඇතිව, ඉරාක පාර්ලිමේන්තුව නව කතානායකවරයකු පත් කරගත්තේය.

නව කතා නායකයා බවට පත් වූයේ සුන්නි දේශාපලනඥ මොහොමද් අල් හල්බෝසීය. රහසේ පැවැත්වුණු ඡුන්ද විමසුමකදී ඔහුට 169 දෙනෙක් ඡන්දය ප‍්‍රකාශ කළහ. ඉරාක පාර්ලිමේන්තුවේ ආසන 329 කි.

මොහොමද් අල් හල්බෝසී 37 හැවිරිදි වියෙහි පසුවෙයි. ඉරාක කතානායක ධුරයට පත්වුණු ළාබාලතම තැනැත්තා වනු ඇත්තේ මොහු යැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS