නව උප බලාගාරයක්



කටාර් ජල සහ විදුලිබල මණ්ඩලය හමාද් ග්‍රාන්ද් වීදියේ නව බලාගාරයක් විවෘත කළේය. මෙම නව උප බලාගාරයක් ඉදි කිරීමට වැයවුණු මුදල කටාර් රියාල් මිලියන 155 කි.

මෙම නව උප බලාගාරයේ වාහන නැවැත්වීමේ පහසුකම් සඳහා හොඳින් ඉඩකඩ පහසුකම් ඇති බව බලධාරීහු කියති. නව උප බලාගාරය ඇත්තේ ප්‍රධාන බැංකු ආසන්නයේ බවත්, එම නිසා බිල්පත් ගෙවීමට පැමිණෙන පාරිභෝගිකයන්ට එය ඉතා පහසුවක් වනු ඇති බවත් පැවැසෙයි. බලධාරීන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෝටර් රථ 270 ක් නැවැත්වීමේ පහසුකම් බලාගාර පරිශ්‍රයේ ඇති බවය.

දැනට රථ ගාලේ වාහන නැවැත්වීම නොමිලේ සිදුවන අතර, ඉදිරියේ දී නගරසභාවේ මුදල් අයකර ගැනීම් අනුව රථ ගාල සඳහා ද මුදල් අය කිරීමක් සිදු කරනු ඇතැයි බලධාරීහු කියති.

ඉන්ජිනේරු සහ රථවාහන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී බි්‍රගේඩියර් මොහොමද් මරාෆියා, මධ්‍යම නගරසභා බලධාරිනී ෂෙයිකා ජෙෆයිරා ඇතුළු කටාර් ජල සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු රැසක් උප බලාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූහ.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS