නව ඉලෙක්ට්‍රොනික් විසා ක්‍රමයක්



කිසිදු අමතර ගාස්තුවක් ගෙවීමකින් තොරව පහසුවෙන් විසා ලබා ගැනීමට හැකිවන පරිදි නව ඉලෙක්ට්‍රොනික් විසා ක්‍රමයක් සඳුදා (ජුනි19) හඳුන්වාදීමට ඕමාන රජය පියවර ගෙන ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් පුවත්පත වාර්තා කළේය.  

නව ඉලෙක්ට්‍රොනික් විසා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පෙර වසරක පමණ කාලයක් පරීක්ෂා කළ බව ඕමාන රාජකීය පොලීසියේ නිලධාරියකු ප්‍රකාශ කළේය.  

විදේශ කටයුතු අමාත්‍ය, යුසුෆ් බින් අලවි බින් අබ්දුල්ලාගේ මග පෙන්වීම යටතේ ඕමාන් රාජකීය පොලීසිය නව ඉලෙක්ට්‍රොනික් විසා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන බව වාර්තා වේ. 

නව ඉලෙක්ට්‍රොනික් විසා ක්‍රමය හඳුන්වාදීමේ උත්සව අවස්ථාවට පොලිස් සහ රේගු අධ්‍යක්ෂ, ලුතිනන් ජෙනරාල්, හසාන් බින් මෝසන් අල්-ෂයිකි ද සහභාගි විය. 


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 

 


RECOMMEND POSTS