නව ඉරාන පාර්ලිමේන්තුව රැස්වෙයි



නව ඉරාන පාර්ලිමේන්තුව මැතිවරණයෙන් පසු මැයි 27 දින රුස් වු බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.  

කොරෝනා වසංගතයෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වෙමින් පවතින පසුබිමක සෞඛ්‍යාරක්ෂිත නීතිරීති මධ්‍යයේ ඉරාන මැතිවරණය පෙබරවාරි 21 දින පැවැත්වීමට කටයුතු කළේ ය.

බොහෝ මන්ත්‍රීවරුන් මුඛ ආවරණ  පැළඳ සිටි අතර, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළුවීමට පෙර සියළුම මන්ත්‍රීවරුන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කර ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

ආසන 290 කින් යුත් ඉරාන පර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් වසරක කාලයක් සඳහා කථානායකයෙක් ලබන සතියේ තෝරා ගන්නා බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ටෙහෙරාන් නුවර)

RECOMMEND POSTS