නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ දක්ම සහ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් නව අමාත්‍ය මණ්ඩලය උප ජනාධිපති, අගමැති සහ ඩුබායිහි පාලකයා, ෂීක් මොහොමඩ් බින් රෂිඩ්අල් මක්ටෝම් ඉදිරියේ දිවුරුම් දී ඇති බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

තමන්ට ලැබී ඇති වගකීම් නිසියාකාරව ඉටුකිරීමට සහ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් හැකි උපරිම අයුරින් කැප විය යුතු බව අමාත්‍ය මණ්ඩලය අමතමින් ඩුබායි පාලකයා ප්‍රකාශ කරමින් අමාත්‍යවරුන්ට සිය සුභාශිංසන්ද එක්කළේය.

“එමිරේට්ස් 2071 දැක්ම අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව යුගයක් කරා ගෙනයනු ලබන අතර, විද්‍යාව හාතාක්ෂණ දැණුමෙන් යුක්තව ඉදිරි පරම්පරා ගණනාවකට අනාගතය ගොඩ නැගීමට අපඋත්සාහ කරනවා" යනුවෙන් ඩුබායි පාලකයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS