නයිල් නදියට අපහාස කළැයි හිරේ



නයිල් නදිය ගැන ප්‍රසිද්ධියේ විහිළුවක් කළ ඊජිප්තු ගායිකාවකට මාස 6 ක සිර දඬුවමක් හිමිවී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
සිර දඬුවම හිමිවූයේ ෂෙරීන් අබ්දෙල් වහාබ් නමැති ගායිකාවටය. ඇය ඊජිප්තුවේ ඉතා ජනප්‍රිය ගායිකාවකි.

ෂෙරීන් අබ්දෙල් වහාබ් විහිළුකට ගෙන ඇත්තේ නයිල් නදියේ පිරිසුදුබවය. රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ඇය පවසා ඇත්තේ නයිල් නදියේ ජලය ඉතා අපිරිසුදු බවත්, ජලය පානය කළොත් රෝගී වන බවත්ය.

ෂෙරීන් අබ්දෙල් වහාබ් කළ මෙම ප්‍රකාශය නයිල් නදියට කළ අවමානයක් යැයි ඊජිප්තු රජය මෙන්ම අධිකරණය ද තීරණය කර ඇත. ලොව දිගම ගංගාව ලෙස සැළකෙන්නේ නයිල් නදියයි.

නයිල් ශිෂ්ටාචාරය බිහිවූයේ ද මෙම නයිල් නදිය කේන්ද්‍රකොට ගනිමිනි. නයිල් නදිය වර්තමානයේ සංචාරක ආකර්ශණක් ද වෙයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS