නඩු විභාගය ඇමෙරිකාවේ



මානව හිමිකම් උල්ලංගනය කළේ යැයි, කටාර් රාජ්‍ය විසින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට එල්ල කරන චෝදනා සම්බන්ධ නඩු විභාගය ඇමෙරිකාවේ මහාධිකරණයක් හමුවේ විභාග කෙරෙන බව පැවැසෙයි.

නඩු විභාගයට කටාර් මෙන්ම එක්සත් අරාබි එමිරේස්ට් රාජ්‍ය නියෝජනය කරමින් නිතීඥ කණ්ඩායම් ඉදිරිපත් වී සිටින බව ද පැවැසෙයි.

මෙම නඩු විභාගය, ඇමෙරිකාවේදි පැවැත්වීමට පෙර එය ආරම්භ වූයේ, හේග් නුවර කේන්ද්‍ර කොට ගනිමින් පිහිටුවූ ජාත්‍යන්තර අධිකරණයෙනි.

ත්‍රස්තවාදයට අනුග්‍රහය දෙන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් චෝදනා කරමින්, කටාරය හුදෙකලා කිරමින් සම්බාධක දැමූ රටවල් අතරින් එකක් වන්නේ ද එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS