නගර හතරක ෂියා-සුන්නි මුස්ලිම්වරු මුදා ගැනෙති



 
සිරියානු ආණ්ඩුවත් විපක්ෂ කණ්ඩායම්ගැටුම් නිසා නගරවල සිරවී සුන්නි මුස්ලිම්වරුන් සහ ෂියා මුස්ලිම්වරුන් මුදාගැනීමේ එකඟතාවකට පැමිණ ඇතැයි මානව හිමිකම් සුරැකීම සඳහා වන සිරියානු නිරීක්ෂණ සංවිධානය ප්‍රකාශ කරයි.
 
ඒ අනුව සිරියානු ආණ්ඩුවට හිතවත් නගර දෙකක සිටින ෂියා මුස්ලිම්වරුන් සහ ආණ්ඩු විරෝධී නගර දෙකක සිටින සුන්නි මුස්ලිම්වරුන් මුදා ගැනෙනු ඇත. ඔවුන් මුදා ගැනීමෙන් අනතුරුව හුවමාරු කරගැනීමට ද දෙපාර්ශවය එකඟතාව පළ කර ඇත.
 
මෙම එකඟතාව අප්‍රේල් 4 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත 20,000කට ආසන්න පිරිසක් මුදාගෙන හුවමාරු කිරීමට නියමිතය. දින හැටක කාලයක් මෙම එකඟතාව ක්‍රියාත්මක වීමට නියමිතය.
 
එකඟතාවට අනුව සටන් විරාමයක් සහ රාජ්‍ය හමුදා අත්අඩංගුවේ සිටින සිරකරුවන් 1,500ක් නිදහස් කිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. මෙම සිරකරුවන් ආණ්ඩු විරෝධීන් යැයි ද පැවසේ. 
 
රොයිටර්

RECOMMEND POSTS