නගර සංවර්ධන නව ව්‍යාපෘතියක් ඇරැඹේ



නාගරික සංවර්ධන කටයුතු වෙනුවෙන්, නගරසභාවලට වැඩි බලතල පවරා දීමේ ජාතික මට්ටමේ නව ව්‍යාපෘතියක්, කටාර් අගමැති මෙන්ම ස්වදේශ කටයුතු ඇමැතිවරයා ලෙස ද කටයුතු කරන ෂෙයික් අබ්දුල්ලා බින් නසාර් බින් කලීෆා අල් තානිගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ආරම්භ විය.

ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ පැවැත් වූයේ නගරසභා සහ පරිසර අමත්‍යාංශ මූලස්ථානයේදීය. කටාර් රාජ්‍යයේ ඇමැතිවරු රැසක් ද මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වූහ.

කටාර් ජාතික සංවර්ධන රාමුව තුළ නගර සංවර්ධන නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති බවත්, පළමු අදිරය යටතේ පොදු ප්‍රවාහන සේවා දියුණු තත්ත්වකට පත් කිරීමෙහිලා කටයුතු ඇරැඹෙනු ඇති බවත් ඒ හරහා රටේ ආර්ථිකය වඩාත් ශක්තිමත් කිරීමට හැකිවනු  ඇති බවත් ව්‍යාපෘතිය හඳුන්වා දෙමින්, නගරසභා සහ පරිසර ඇමැති මොහොමද් බින් අබ්දුල්ලා අල් රුමායි හි රැස්ව සිටි පිරිසට පැවැසීය.

නගරසභා සහ පරිසර අමත්‍යාංශය විසින් හඳුන්වා දී ක්‍රියාත්මක කරන මෙම නව ව්‍යාපෘතිය කටාර් රාජ්‍යයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සමත්වනු ඇති බවත්, එය 2030 වසරේ දී ක්‍රියාත්මක වීමට නියමිත ‘කටාර් ජාතික දැක්ම’ සමඟ ද බද්ධ වනු ඇති බවත් නගරසභා සහ පරිසර ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

2030 වසරේ දී ‘කටාර් ජාතික දැක්ම’, ක්‍රියාවට නැංවෙන්නේ කටාරයේ සියලු අමත්‍යාංශ එකමුතුවෙනි. සියලු අමත්‍යාංශ, රාජ්‍ය සංවිධාන පමණක් නොව පෞද්ගලික අංශය ද සම්බන්ධ කර ගන්නා අයුරින් මෙම සංවර්ධන ක්‍රියාවලිය සිදුවන බවත් එහි එක් පළමු පියවරක් ලෙස නගරසභා හරහා නාගරික සංවර්ධනය සහ යටිතල පහසුකම් දියුණු කිරීම සිදු කෙරෙන බව ද ඇමැති මොහොමද් බින් අබ්දුල්ලා අල් රුමායි වැඩි දුරටත් කියා සිටියේය.

නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාල ඉඩම් පවරා ගැනීම් සිදුවන අයුරු සම්බන්ධයෙන් ද ඇමැතිවරයා රැස්ව සිටි පිරිස හමුවේ පැහැදිලි කිරීමක් කළේය. ඉඩම් හිමියන්ගේ සහාය ඒ වෙනුවෙන් ලබා ගැනීමටත්, වන්දි මුදල් ලබා දීමේදී නිසි ප්‍රමිතියකට අනුව ක්‍රමවේදයක් ආරම්භ කරන බවත් ඇමැතිවරයා කියා සිටියේය. ‘2030 කටාර් ජාතික දැක්ම’ ක්‍රියාවට නැංවෙන්නේ එය සැලැසුම් කළ කණ්ඩායමේ කැපවීම සහ උත්සාහය මත යැයි ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS