ධනවත් කතක් අත්අඩංගුවට



මිල අධික ස්වර්ණාභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් ධනවත් කුවේට් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

කාර්ය මණ්ඩලයේ අවධානය වෙනතකට යොමු කරමින් දියමන්ති මුද්දකට ව්‍යාජ දියමන්ති මුද්දක් මාරු කිරීමට කාන්තාව උත්සහ කර ඇති බවට වාර්තා වේ.

මෙවැනි ආකාරයේ සොරකම් වලින් විශාල මුදලක් උපයා ඇති බවට පොලිස් ප්‍රශ්න කිරීම්වලදී 33 හැවිරිදි ධනවත් කාන්තාව පාපොච්චාරණය කර ඇත.

කුවේට් ඩිනාර් 12,000කට වඩා වැඩි වටිනාකමකින් යුත් දියමන්ති මුද්දක් සොරකම් කිරීමට උත්සහ කළ බවට ඇය පිළිගෙන ඇත.

ඇගේ අවසන් සොරකම සිදු වී විනාඩි 15ක් ඇතුලතදී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සමත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS