දෝහා සිතුවම් දැක්මක්



ජනප්‍රිය කටාර් චිත්‍ර ශිල්පී අහ්මද් බින් මජේද් අල් මාද්හීද්ගේ සිතුවම් දැක්මක් පසුගිය දා කටාර් රාජ්‍යයේ දෝහාහිදී පැවැත්විණි.

සිතුවම් දැක්ම නම් කර තිබුණේ අති ශ්‍රේෂ්ඨ තමීම් යන නමිනි. ඒ, කටාර් එමීර් තමීම් අල් තානිට කරන ගරු කිරීමක් විදියටය.

කටාර් රාජ්‍යය මේ වනවිට සෙසු ගල්ෆ් රටවලින් හුදෙකලා වී සිටී. ඊට හේතුව අසල්වැසි සවුදිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව කටාර් රාජ්‍යය සමග හිතවත්කම් නවතා දැමීම නිසාය.

සවුදිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව එක් වී කටාරයට සම්බාධක පැනැවූයේ කටාර්යේ විදෙස් ප්‍රතිපත්ති නිසාය. කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වනවා යැයි මෙම රටවල් චෝදනා කරයි.

කටාර් එමීර් අල් තානි සහ කටාර් රජය පිළිබද පවතින අනවබෝධය මග හරවාලීමට තම සිතුවම් දැක්ම උපකාරි වනු ඇතැයි චිත්‍ර ශිල්පී අහ්මද් බින් මජේද් අල් මාද්හීද් විශ්වාස කරයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS