දොර අරින්න හදලා



මක්කම මහා පල්ලිය තුල ඇති කාබාවේ දොර විවෘත කිරීමට පුද්ගලයෙක් උත්සහ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

බැතිමතුන් විශාල පිරිසක් මධ්‍යම රාත්‍රියේ ආගමික වතාවත්වල නිරතවෙමින් සිටින අවස්ථාවේදි දොර විවෘත කිරීමට උත්සහ කර ඇත.

ආරක්ෂක අංශ නිලධාරීන් පැමිණ පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවත් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන නිසා නීති මඟීන් කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව මක්කම පොලීසිය ප්‍රකාශ කළේය.  

සිද්ධියට සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කිරීමට බැතිමතුන් කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS