දොඹකරයක් කඩා වැටී අයෙක් මරුට



අබුඩාබියේ අල්-රාහ් වෙරළ ආසන්නයේ පිහිටා ඇති ඉදිකිරීම් වැඩ බිමක දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

ආසියානු සේවකයන් තිදෙනෙක් ද අනතුරින් තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර ලබාදීම සදහා රෝහල් ගත කර ඇත.

අබුඩාබි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS