දෛනික යුද මුක්ත කාලයක්



සිරියාවේ නැගෙනහිර ඝූටා ප්‍රදේශයට දෛනික යුද මුක්ත කාලයක් පැනවීමට රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් නියෝග කර අැත.

ඒ අනුව පසුගිය 27 සිට දිනකට පැය 5ක කාලයක් සදහා යුද මෙහෙයුම් තාවකාලිකව නවතා දැමීමටයි නියෝග කර තිෙබ්. යුද ගැටුම් පවතින ප්‍රදේශවලට පැය 5කට වරක් සිරියා හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ආහාර ඇතුළු අත්‍යවශ්‍ය සේවා සැපයීමට ඉඩ ලබාදීම සදහායි මෙම කාලසීමාව ලබා දී ඇත්තේ.

කැරළිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ඝූටා නගරයේ ලක්ෂ හතරකට ආසන්න පිරිසක් සිර වී සිටී. සිරියාෙව් සිවිල් වැසියන් මුහුණ පා ඇති තත්ත්වය සළකා බලා ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක නායකයින් පසුගිය අඟහරුවාදා තීරණය කළා. පසුගිය දින අට තුළ ඝූටා නගරයට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 560කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වනවා.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS