දෛනික ඉහළ අගය වාර්තා වෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ දිනකට වාර්තා වු ඉහළම රෝගීන් සංඛ්‍යාව වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව කොරෝනා රෝගීන් 1,007ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

දැනට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 399 දෙනෙක් ජීවිත්කෂයට පත් වී ඇත.

සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව පිළිපදින ලෙස ජනතාවගෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යෑමට කටයුතු නොකිරීම හේතුවෙන් ඩුබායි නුවර ව්‍යාපාර ස්ථාන කීපයකට දඩ නියම කර වසා දැමීමට නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS