දේශසීමාවේ යුද අභ්‍යාසයක්



ඉරාක සහ ඉරාන හමුදා කුර්දිස්තාන දේශසීමාවේ යුද අභ්‍යාසයක නැයැලුණේය. ඉරාක සහ ඉරාන හමුදා එම යුද අභ්‍යාසය පැවැත් වූයේ කුර්දිස්තානයේ පැවැති ජනමත විමසුමට විරෝධය දැක්වීමක් ලෙසය.

ඉරාක රජයේ දැඩි විරෝධය මැද, එරට කුර්දිස්තාන පළාතේ පැවැති ජනමත විමසුම සම්බන්ධයෙන් ඉරාක හමුදාපති ඔට්මාන් අල් ඝානී සහ ඉරාන හමුදාපති මේජර් ජනරාල් මොහොම්මද් බකේරී අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා ද පවත්වා ඇත.

ඉරාක රජයේ විරෝධය මැද කුර්දිස්තාන පළාතේ ජනමත විමසුමක් පැවැත් වූයේ කුර්දිස්තානය ඉරාකයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් බවට පත් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS