දේශසීමාවේ මෙහෙයුම්



තක්ෆීරි ත්‍රස්තවාදීන්ට එරෙහිව සිරියානු ලෙබනන් දේශසීමාවේ මෙහෙයුම් ආරම්භ කරන බව ලෙබනන් අගමැති සාද් අල් හරීරි පවසා ඇත.

ලෙබනන් අගමැතිවරයා මේ බව කියා සිටියේ එරට පාර්ලිමේන්තුව අමතමිනි.

ත්‍රස්තවාදීන්ට එරෙහි සටන් වැදුණත්, තම ලෙබනන් හමුදාව සහ සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදා අතරේ කිසිදු සම්බන්ධයක් නැතැයි අගමැති සාද් අල් හරීරි තහවුරු කර ඇත.

මේ වනවිට දයේෂ් පමණක් නොව, අල් නුස්රා පෙරමුණ නමින් හැඳින්වෙන ත්‍රස්තවාදීන් ද 3,000 පිරිසක් ලෙබනන් සිරියානු දේශසීමාවේ කඳවුරු බැඳ සිටින බව පැවැසෙයි.

දයේෂ් යනු අයි.එස්. ත්‍රස්තවාදීන් වන අතර, අල් නුස්රා යනු අල් කයිඩා සංවිධානයයි. මොවුන් දෙගොල්ලන් එකිනෙකට වෙනස් අරමුණු ඇතිව සිරියානු රජයට එරෙහිව අවි අතට ගෙන සටන් වදින බව පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS