දේශසීමා හුවමාරුව විවෘත කරයි



ගාසා තීරයේ භාණ්ඩ හුවමාරු කෙරෙන එකම දේශසීමා හුවමාරුව විවෘත කිරීමට ඊශ‍්‍රායලය පියවර ගත්තේය.

ඇති වී තිබෙන සන්සුන් තත්ත්වය සලකා බලමින් දේශසීමාව විවෘත කිරීමට පියවර ගත් බව ඊශ‍්‍රායල බලධාරිහු කීහ.

භාණ්ඩ ප‍්‍රවාහනය කෙරෙන එකම දේශසීමා හුවමාරුව මෙය වන අතර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් පසුගිය ජූලි 9 වැනිදා සිට එය වසා දමා තිබුණි.

තෙල් ඇතුළු විවිධ භාණ්ඩ රැගත් ට‍්‍රක් රථ හමාස් පාලනය යටතේ තිබෙන පලස්තීන භූමිය වෙත ගමන් කරන අයුරු දක්නට ලැබුණු බව එහි සිටින ප‍්‍රංශ පුවත් සේවයේ මාධ්‍යවේදියෙක් සඳහන් කළේය.

දේශසීමා හුවමාරුව වසා දැමූ බව ඊශ‍්‍රායල හා පලස්තීන යන දෙපාර්ශවයම තහවුරු කළේය.
මෙම දේශසීමා හුවමාරුව ගසා වැසියන්ගේ ජීවනාලිය හා සමානය.
ගාසා තීරයේ ආර්ථිකය දැවැන්ත කඩාවැටීමකට ලක්ව තිබෙන අතර මෙම දේශසීමා හුවමාරුව වසා දැමීම නිසා එය තවත් උග‍්‍ර විය.
ජූලි 9 වැනිදා දේශසීමා හුවමාරුව වසා දැමුවද ආහාර හා ඖෂධ රැුගත් ට‍්‍රක් රථවලට ගාසා තීරයට පිවිසීමට ඊශ‍්‍රායල බලධාරීහු ඉඩ දුන්හ. කෙසේ නමුත් ඊශ‍්‍රායල බලධාරිහු වරින් වර තෙල් රැගත් ට‍්‍රක් රථවලට ඇතුළුවීම වැළැක්වූහ. අගෝස්තු 2 වැනි දිනෙන් පසු අනෙකුත් සියලූ භාණ්ඩ හරවා යවන ලදි.

ඉන්ධන නොලැබීම නිසා ගාසා තීරයේ විදුලි අර්බුදය උත්සන්න විය. ගාසා තීරය දැඩි බල ශක්ති හිඟයකට මුහුණ පා සිටින අතර බොහෝ අවස්ථාවලදී විදුලි ජනන යන්ත‍්‍ර මත යැපෙයි.

ගාසා තීරය හා ඒ ආසන්න දේශ සීමාවේ නැවත වරක් ගැටුම් ඇතිවූයේ මාර්තු 30 වැනිදාය. මෙවර ඇති වූ ගැටුම් මීට පෙර ඇති වූ ගැටුම්වලට වඩා ප‍්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තේය.

මාර්තු 30 වැනිදා සිට මේ දක්වා පැවැති ගැටුම්වලින් ආසන්න වශයෙන් පලස්තීන ජාතිකයන් 169 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවසේ.

පලස්තීන ස්නයිපර් තුවක්ක-ුකරුවකු එල්ල කරන ලද වෙඩි ප‍්‍රහාරයකින් ඊශ‍්‍රායල සොල්දාදුවෙක් මරණයට පත්වූයේය.
ගාසා තීරයේ සිටින පලස්තීන සටන්කාමීන් සහ ඊශ‍්‍රායලය 2008 වසරේ සිට ගත වූ කාලයේදී අවස්ථා තුනකදී යුද වැදී ඇත.

හර්ෂණ තුෂාර සිල්වා
ඒ.එෆ්.පී


RECOMMEND POSTS