දේශසීමා මුරපොල නැවත විවෘත කරයි



අරාර් දේශසීමා මුරපොල නැවත විවෘත කිරීමට සෞදි අරාබිය සහ ඉරාකය එකඟ වී ඇති බව වාර්තා වේ.

දෙරටටම අවශ්‍ය වානිජ කටයුතු සිදු කරගැනීම සඳහා ඔක්තෝබර් 15 දින සිට දේශසීමා මුරපොල විවෘත කිරීමට එකඟ වී ඇත.

මුල් අදියරයේදි අධ්‍යයන කටයුතු සිදුකරන බවත් යහපත් ප්‍රතිඵල මත සියළුම දේශසීමා මුරපොලවල් විවෘත කිරීමට කටයුතු කරන බව ඉරාක දේශසීමා අධිකාරියේ සභාපති, කදීම් අල්-අකාබි ප්‍රකාශ කළේ ය.

සෞදි අරාබිය සමඟ මැතකදී ඇති කරගත් ගිවිසුම්වල ප්‍රතිඵලමතදේශසිමා මුරපොල විවෘත කරන බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

වෙළඳ හා ආර්ථික කටයුතු සිදුකිරීම සඳහා අරාර් දේශ සීමාවේඅවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ සවි කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS