දේශසීමා පිවිසුම කුර්දි සටන්කාමීන් අතට



ඉරාකය සහ සිරියාව අතර ෆයිෂ් කබූර් දේශසීමා පිවිසුම කුර්දිවරුන් නියෝජනය කරන පෙෂ්මෙග්රා සටන්කාමීන් විසින් අත්පත් කරගෙන ඇතැයි ඉරාක රජය කියයි.

මේ බව සිරියානු රජය පවා තහවුරු කර ඇත. සිරියාවේත් ඉරාකයේත් දයේෂ් තක්ෆීරි අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන්වලදී සහාය ලබා දෙන්නේ ද මෙම පෙෂ්මෙග්රා සටන්කාමීන්ය.

කුර්දි වැසියන් වාසය කරන්නේ කුර්දිස්තානයේය. කුර්දිස්තානයට ස්වයං පාලනයක් පැවැතිය ද එය අයත් වෙන්නේ ඉරාකයටය.

කුර්දිස්තානය උත්සහ ගන්නේ ඉරාකයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් වීමටය. කෙසේ නමුත් ඉරාකයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වී ඇත. එහෙයින් කුර්දිවරුන් සහ ඉරාක රජය අතර නොහොඳ නෝක්කඩු ඇවිළෙමින් පවතී.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS