දෙවන ලෝක සමුළුව ඕමානයේ



එක්සත් ජාතීන්ගේ සංචාරක සහ සංස්කෘතිය පිළිබඳ දෙවන ලෝක සමුළුව ඕමාන රාජ්‍යයේදි පැවැත් වෙන බව ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පත වාර්තා කළේය.

2017 දෙසැම්බර් 11දින මස්කට් නුවරදී ආරම්භ වන සමුළුව දින දෙකක් පැවැත්වීමට නියමිතව ඇති අතර ලෝකයේ සිටින සංචාරක සහ සංස්කෘතික අමාත්‍යවරුන් මෙම සමුළුවට සහභාගි වන බව එක්සත් ජාතීන්ගේ සංචාරක සහ සංස්කෘතිය සංවිධානය නිවේදනය කළේය.

සංස්කෘතිය උරුමයන් ආරක්ෂා කිරීම, සංචරාක කර්මාන්තය දියුණු කිරීම, නාගරික ප්‍රදේශයන් වල සංචාරක කර්මාන්තය අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කර ගන්නා ආකාරය සහ සංචාරක කර්මාන්තයට බලපාන කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන අතර අමාත්‍යවරුන් අතර ශක්තිමත් සහයෝගිතාවයක් වර්ධනය කිරීම සමුළුවේ ප්‍රධාන අරමුණ වී ඇති බව එම සංවිධානය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS