දෙපා නැති දැරියට පිහිට



පාද අහිමි අට හැවිරිදි සිරියානු දැරියක වන මායා මෙර්හිගේ ඡායාරූප පසුගිය කාලයේ අන්තර් ජාල පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය.

පාද නැති ඇය ප්ලාස්ටික් කෝප්ප සහ ටිං කැබලි වලින් තනාගත් බොරු පාද දෙකකින් සිරියානු සරණාගත කඳවුරක සිටින අයුරු දැකීමෙන් මුළු ලොවම කම්පාවට පත් විය.

මායා මෙර්හිට පාද අහිමි වී ඇත්තේ උපතින්මය. ඇය කෙරෙහි අනුකම්පා දැක්වූ බටහිර වැසියෝ බොහොමයක් ඇයට ආධාර කිරීමට පෙළඹුණාහ.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇය තුර්කියේ ඉස්තාන්බුල් නුවරට ගෙනෙන ලද අතර, එහිදී ඇයට ප්‍රතිකාර කිරීම ආරම්භ කළ බව ද පැවැසෙයි. තුර්කි රජය මැදිහත් වී ඇයට කෘත්‍රිම පාද ලබා දීමට ද සූදනම් බව වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS