දුම්රියක් පීලිපනී, දහඅටකට තුවාල



රියාද් නුවර සිට දම්මන් බලා ධාවනය වෙමින් තිබු දුම්රියක් පෙබරවාරි මස 17 දින පිලී පැනීම නිසා පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.  

දුම්රිය පිලී පනින අවස්ථාවේදි මගීන් දෙසීයකට වැඩි පිරිසක් ගමන් කරමින් සිට ඇති බව වාර්තාවේ. 

දුම්රිය දම්මන් නගරය ආසන්න වෙද්දි (කි.මි10 දුරින්) දුම්රියේ එක් මැදිරියක් පීලිපැන ඇති බව සබ්කියු වෙබි අඩවිය වාර්තා කර ඇති බව එම වෙබ් පිටුව වැඩිදුරටත් වාර්තා කලේය.  

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල් ගතකර ඇත. 

සෞදි අරාබියට බලපාඇති අධික වැසි සහිත කාලගුණික තත්වය දුම්රිය පීලිපැනීමට හේතුවී ඇති බව කරන ලද මූලික පරීක්ෂණ වලදී තහවුරු වී ඇත. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS