දුම්රියකට ත්‍රස්ත ප්‍රහාරයක්



සිරියාවේ නැගෙනහිර හෝම්ස් පලාතේ නගරයක සැඟව සිටි ත්‍රස්තවාදීන් පිරිසක් දුම්රියකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

පොස්පේට් තොගයක් නැව්ගත කිරීම සඳහා රැගෙන යමින් තිබුදුම්රියකට අල්-ෆජ්වා සහ අල්-බසිරා අතර ප්‍රදේශයකදී ත්‍රස්තවාදීන් ප්‍රහාරය එල්ල කර ඇත.

ප්‍රහාරයෙන් පසු දුම්රිය පිළි පැන ඉන්ජිම ගිනි ගෙන ඇති අතර කාර්ය මණ්ඩලයද තුවාල ලබා ඇත. 

ක්නීෆීස් නගරයේ පොස්පේට් පතල් වෙත යන දුම්රියන් ඉලක්ක කර ත්‍රස්තවාදීන් පුපුරණ ද්‍රව්‍ය සවිකරන බවත්, දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව සිරියානු ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, සානා නුවර)

RECOMMEND POSTS