දුම්බීම අධෛර්යමත් කරවන්න යයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය දුම්පානයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා වැඩසටහනක් දියත් කර ඇති බව වාර්තා වේ.

අදාල වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා වෛද්‍ය සහ සෞඛ්‍ය වෘත්තිකයන් 500 ක් පුහුණු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර සායන සහ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන හරහා දුම්පානය නතර කිරීමට අවශ්‍ය සේවා සහ උපදෙස් සපයයි.

දුම්පානය නතර කිරීමේ පුහුණු වැඩසටහන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සකස් කර ඇති අතර නවතම ප්‍රතිකාර ක්‍රමවේදයන්ද ඇතුළත් වේ.

වැඩිහිටියන් අතර දුම්පානය කිරීමේ අනුපාතය 2010 සිට මේදක්වා 18% දක්වා අඩු වී ඇති බවට ජාතික සෞඛ්‍ය සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්. ඩුබායි නුවර)

RECOMMEND POSTS