දුම් වැටි සඳහා බදු වැඩි කෙරේ



දුම් වැටි සඳහා අය කෙරන බද්ද දෙගුණකිරීමට ඕමාන රජය කටයුතු කර ඇතැයි ඕමාන් ඬේලි ටයිම්ස් පුවත්පත කියයි.

ඕමාන රජය මඟින්  මෑතකදී ස්ථාපිත කළ බෝ නොවන රෝග වැළැක්වීමේ හා පාලනය කිරීමේ ජාතික බහුවිධ සැලසුමට අදාලව මෙසේ බදු දෙගුණ කිරිමේ තීරණය ගෙන ඇතැයි ඕමාන සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් පැවැසීයැයි  ද එම පුවත්පත පවසයි.

බෝනොවන රෝග වැළඳීමට හැකි මූළික අවදානම් හේතු පහ අතර ඉහළම තැනක් ගන්නේ දුම්කොළ බව හෙළි වී ඇතැයි ද එම පුවත කියයි.  
නව බදු පැනවීමෙන් පසු දැනට ඩොලර් 2.7 ක් වන දුමවැටි පැකැට්ටුවක මිල ජොලර් 9  කට ආසන්න වනු ඇතැයි ද පැවැසේ.

දැනුවත් කිරීම්, දුම්බොන්නන් සඳහා වෙනම කළාප ඇති කිරීම දුම්වැටි හා දුම්කොළ මිල ඉහළ දැමිම, වැනි විවිධ සැලසුම් මේ සඳහා ක්‍රියාත්මක වන බව ද එම පුවත්පත තවදුරටත් පෙන්වා දෙයි.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS