දිවා විවේකය අනිවර්යයි



එළැඹෙන ගිම්හාන සමයේ දී එලිමහනේ වැඩ කරන සේවකයන්ට දිවා විවේකය ලබා දීම අනිවාර්යයෙන්ම කළ යුතු යැයි බහරේන රජය එරට සමාගම්වලට අවවාද කර තිබේ.

ගිම්හාන සමයේ දී එළිමහනේ වැඩ කරන සේවකයින්ට මධ්‍යහ්නයේ සිට සවස 4 දක්වා නිවාඩු  දීම අනිවාර්ය කර ඇත.
මෙම නීතිය ජූලි සිට අගෝස්තු දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව බහරේන රජය කියයි.  බහරේනයේ මේ වන විට හිරු රශ්මිය අධික වෙමින් පවතින අතර දැනටමත් සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇතැයි පැවැසේ.

මේ තත්ත්වය යටතේ එලිමහන්වල සේවය කරන සේවකයන්ට දහවල්  නිවාඩුව නොදෙන සමාගම් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින බවත් එවැන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නට පසුබට නොවන බව රජය නිවේදනය කර ඇතැයි බහරේන මාධ්‍ය පවසයි.

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS