දියවැඩියාව ව්‍යාප්ත වීම 6% ඉහළට



ඕමානයේ දියවැඩියාව ව්‍යාප්ත වීම සියයට හයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2018 වර්ෂය තුල දී දියවැඩියා රෝගීන් 6,792 ක් හඳුනා ගෙන ඇති බවට ඕමාන් සංඛ්‍යාලේඛන හා තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවල සඳහන් කර ඇත.

දියවැඩියා අධ්‍යයනය සඳහා වන යුරෝපීය ගල්ෆ් කණ්ඩායම විසින් ඕමානයේ සංවිධානය කරන ලදදියවැඩියා ප්‍රතිකාර ක්ෂේත්‍රයට සම්බන්ධ ජාත්‍යන්තර පුහුණු පාඨමාලවක් අතරතුර අදාල සංඛ්‍යා දත්තප්‍රකාශයට පත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS