දියමන්ති ගිටාරයක් ප්‍රදර්ශනයට



දියමන්ති අල්ලන ලද ගිටාරයක් අබුඩාබි නුවර ප්‍රදර්ශනයට තබන බව වාර්තා වේ.

ගිටාරය නිර්මාණය කිරීම සඳහා දියමන්ති 11,441කට වැඩි සංඛ්‍යාවක් යොදා ගෙන ඇති අතර ඔක්තොබර් 26 දින සිට 30 දක්වා අබුඩාබි ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදි ප්‍රදර්ශනයට තබයි.

ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් වටිනා ගිටාරය ලොව මිල අධිකම ගිටාරය ලෙස ලෝක වාර්තාවක් ද තබා ඇත.  

“Eden of Coronet’’ ලෙස ගිටාරය නම් කර ඇති අතර මාර්ක් ලුයි නම් ගීත රචකයා ගිටාරය නිර්මාණය කර ඇත. ගිටාරය නිර්මාණය කිරීම සඳහා ශිල්පීන් 68 දෙනෙක් සහභාගි වී ඇති අතරවැඩ අවසන් කිරීමට මිනිස් පැය 700ක් ගත වී ඇත.

මයිකල් ජැක්සන්ගේ සහෝදරයන් සහ කලාකරුවන් කීපදෙනෙක් ගිටාරය භාවිතා කරමින් ප්‍රසංග පවත්වා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS