දිනකට දරුවෝ 130ක් මැරෙනවා



යේමනයේ පවතින යුද ගැටුම් හේතුවෙන් අනාථ කඳවුරුවල රැදී සිටින දරුවන් අධික කුසගින්න සහ ලෙඩ රෝග හේතුවෙන් දිනකට130ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මියයන බව අන්තර්ජාතික ආධාර කණ්ඩායමක් ප්‍රකාශ කළේය.

ආරක්ෂක අංශ ත්‍රස්තවාදීන්ට පනවා ඇති තහනම හේතුවෙන් දරුවන්ට ප්‍රතිකාර ලබාදීම නිසි පරිදි කර ගෙන යෑමට නොහැකි වීමෙන් දරුවන් මියයන බවත් 50,000කට අධිකදරුවන්සංඛ්‍යාවක් 2017 වර්ෂය තුල මියගොස් ඇති බවට විශ්වාස කළ හැකි බව “දරුවන් බේරාගනිමු’’ නැමති සංවිධානය පසුගිය දා ප්‍රකාශ කළේය.

දරුවන්ගේ යහපත ගැන අවධානය යොමුකර පනවා ඇති  තහනම ලිහිල් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකයින්,එක්සත් ජාතීන්ගේ ළමා නියෝජිත ආයතනයසහලෝක ආහාර වැඩසටහන ඒකාබද්ධ ඉල්ලීමක් කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS