දින නියමයක් නොමැතිව අත්හිටුවයි



සෞදි අරාබියේ ජාත්‍යන්තර මගී ගුවන් ගමන් නියමයක් නොමැතිව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සේවා පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයට පත් වී ඇති බව සෞදි රජයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අදාල ක්‍රියාමාර්ගයන් ගැනීමට සෞදි රජයට සිදු වී ඇත.

අභ්‍යන්තර ගුවන් ගමන්,දුම්රිය,බස් සහ කුලී රථ ද අත්හිටුවා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS