දින දෙකෙන් රැකියා බලපත්‍ර



එමිරේට්ස් රැකියා බලපත්‍ර දින දෙකක් ඇතුලතදි ලබා ගත හැකි බව වාර්තා වේ.

සේවායෝජකයන්ට ස්මාට් සේවාව හරහා රැකියා බලපත්‍ර ලබාගත හැකි බවත්, ඉලෙක්ට්‍රෝනික ආකාරයෙන් සේවාවන් ක්‍රියාත්මක වන බවත්, පැය හතළිස් අටක් (48) ඇතුලතදී අදාල රැකියා බලපත්‍ර ලබාගත හැකි බව මානව සම්පත් සහ එමිරේට්ස්කරණ අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කළේ ය.

රැකියා බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය සේවායෝජකයන්ට මානව සම්පත් සහ එමිරේට්ස්කරණ අමාත්‍යාංශ්‍යයේමෘදුකාංගය හෝ වෙබ් අඩවිය හරහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

සේවායෝජකයන්ටලබාගත හැකි සේවක සංඛ්‍යාව ඉක්මවා ගොස් නොමැතිනම් හැකි ඉක්මණින් රැකියා බලපත්‍ර ලබාගත හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක‍
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS