දින 37 ක් ගුවන්තොටේ



සිරියානු සිවිල් යුද්ධය හේතුවෙන් ආපසු සිරියාවට යෑමට නොහැකිව මාසයකට වැඩි කාලයක් මැලේසියාවේ ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කොටු වී සිටින සිරියානුවෙකු ගැන විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

හසාන් නමැති මෙම සිරියානුවා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ රැකියාව කරමින් සිටි අයෙකි.

සිරියානු සිවිල් යුද්ධය ඉහවහා යද්දී, එමිරේට්ස් බලධාරීන් ඔහු රටින් පිටුවහල් කර ඇති අතර, ඔහු මැලේසියාව බලා පැමිණෙ ඇත්තේ ඉන්පසුවය.

හසාන් කාම්බෝජය හෝ එක්වදෝරය බලා යෑමට ගෙන ඇති උත්සාහය ද අසාර්ථක වුණැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS