දින 3 ක ශෝක කාලයක්



ලෙබනන් පාර්ලිමේන්තුව අද (5) හදිසියේ රැස්වුණු අතර, බීරූට් නුවර පිපිරීමෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් එහිදී දින 3 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණි. ඊට අමතරව බීරූට් නුවර හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරුණි. ලෙබනන් රජය පවසා ඇත්තේ ලක්ෂ දෙකකට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමිවී ඇති බවය.

පිපිරුමෙන් බීරූට් වරාය යළි භාවිතයට ගත නොහැකි අයුරින් මුළුමනින්ම විනාශ වී ඇතැයි පැවැසෙයි. ලෙබනනය ද ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් පීඩාවට පත් වූ රාජ්‍යයකි. ලෙබනන් වැසියන්ගේ ආර්ථික කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන්නේ බීරූට් වරායයි.

වසර පුරාවට අවශ්‍ය ආහාර සහ ඖෂධ ගබඩා ඇත්තේ ද වරායේය. ඒ සියල්ල පිපිරුමෙන් විනාශ වී ගොස් ඇති බව පැවැසෙයි. ආර්ථික සහ දේශපාලනික වශයෙන් අස්ථාරව වූ මුළුමිනින්ම අඩපණ කිරීමට මෙම පිපිරුම හේතුවක් වනු ඇති බව ජගත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(අල් ජසීරා)


RECOMMEND POSTS