දින 1,000 ක් ඇතුළත ගීත 1,000 ක්



ඩුබායි ජීවත්වන ඉන්දීය කාන්තාවක් හරි අපූරු ලෝක වාර්තාවකට සූදානම් වෙයි. ඇය 48 හැවිරිදි ස්වප්නා ඒබ්‍රහීම් ය. 

ඇය මෙම ලෝක වාර්තාව තැබීමට උත්සාහ ගන්නේ, දින 1,000 ක් තුළ ගීත 1,000 ක් ගායනා කරමිනි.

තවත් සුවිශේෂත්වයක් ඇත. ඒ, මෙම දින 1,000 න් එක් දිනක් තුළ පටිගත කළ සියලුම ගීත ඇය විසින්ම පද රචනය කර නිර්මාණය කිරීමය.

මේ වනවිට සප්නා Golden Book of World Records for four awards සම්මාන උළෙලේ සම්මාන 4 සඳහා නිර්දේශ වී ඇත.

ස්වප්නා “ඩිජිටල් ඇල්බමයක වැඩිම ගීත සංඛ්‍යාවක්” සඳහා ගිනස් ලෝක වාර්තාවට අයදුම් කිරීමට සූදානමින් සිටින බවත් වර්තා වේ.

ඩුබායි හි කළමනාකරණ උපදේශන සමාගමක සේවය කරන ස්වප්නා කියා සිටියේ දින 1000 ක් තුළ ගීත 1,000 ක් ගායනා කිරීමෙන් ඇගේ දශක ගණනාවක් පුරා පැවති සංගීත ජීවිතය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.

මේ වනවිට ස්වප්නාගේ යූ ටියුබ් චැනලය හරහා මෙම ගීත 1000ම නැරඹීමේ අවස්ථාව උදා වී ඇත.


RECOMMEND POSTS