දැරියෝ 40 ක් අනූ නවයෙන් බේරිලා



සෞදි අරාබියේ අල්-මජාඩා ආණ්ඩුකාර ප්‍රදේශයේ අහද් තුරෙයියන් හි පිහිටා ඇති පාසලකට ගැහැනු ළමයින් ප්‍රවාහනය කරමින් තිබු පාසල් බස්රථයක් හදිසියේ ගිනිගැනීමකට ලක්වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ගැහැනු  ළමයින් 40ක් බස්රථයේ ගමන් කරමින් සිටි ඇති අතර බස්රථය ගිනිගන්නා අවස්ථාවේදි බසයෙන් පිටතට පැන ගැනීමට ගැහැනු ළමයින්ට හැකියාව ලැබී ඇති බව වාර්තා වේ.

බස්රථය ගිනිගන්නා අවස්ථාව දැක්වෙන් ඡායාරූප මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් ඡායාරූපගත කර සමාජ ජාල වෙබ් අඩවිවල පළ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පරීක්ෂණ කණ්ඩායමක් පත් කළ බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, මන්සූර් අල්-ෂරීම් ප්‍රකාශ කළේය.

ගිනිනිවන භටයින් පැමිණ ගින්න නිවාදැමීමට කටයුතු කළ අතර ගිනිගැනීම හේතුවෙන් බස්රථයට විශාල ලෙස හානි සිදුවී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS