දැරියට දරුණු රෝගයක්



ඩුබායි නුවර ජීවත් වන වයස අවුරුදු දහයක ලීන් දැරිය දුර්ලභ ගණයේ රෝගයකින් (Palmar-PnatarErythrodysesthesia) පීඩා විඳින බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

රෝගි වන අවස්ථාවේදි අත්ල සහ යටිපතුල් රතුපැහැ ගැන්වී අධික වේදනවක් දැනෙන අතර ශරීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක පනහට වඩා ඉහළ යන බව වාර්තා වේ.

රෝගය වැළඳී මාස 6කට පමණ පසු ඇමරිකා බූස්ටන් නුවර වෛද්‍යවරයෙකුරෝගය සොයාගෙන ඇත.

ගල්ෆ් කලාපයේ අති දුර්ලභ රෝගයකින් පීඩා විඳින එකම පුද්ගලයා ලෙසද දැරියව නම් කර ඇති අතර ලෝකයේ සිටින්නේ රෝගීන් විස්සක් තරම් අඩු සංඛ්‍යාවක් බව වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

අටවන උපදිනය දවසේ දරුවා උදේ අවදිවන විට අත්ල සහ යටිපතුල් රතු වී තිබු බව දරුවාගේ මව ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක‍

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)


RECOMMEND POSTS