දැනුවත් නොකර දඩකයි



සෞඛ්‍ය අවධාන පිළිබඳව දැනුවත් නොකිරීම හේතුවෙන් වෛද්‍යවරයෙක්ට දඩ නියම කර ඇත.

කුවේට් ජාතික කාන්තාවකගේ දරු ප්‍රසූතියකට අදාලව ඉදිරියේදි ඇති විය හැකි සෞඛ්‍ය අවධානම සහ සිදු කරන ශල්‍ය කර්මය පිළිබඳව දැනුවත් නොකිරීම හේතුවෙන් කුවේට් ඩිනාර් 10,000ක දඩ මුදලක් කාන්තාවට ගෙවන ලෙස කුවේට් අධිකරණය වැරදිකරු වු වෛද්‍යවරයාට නියෝග කර ඇත.

දරු ප්‍රසූතියෙන් පසු කාන්තාව තරමක අංශභාග රෝගි තත්ත්වයකට ගොදුරු වී ඇත.

වෛද්‍යවරයා කිසිදු වරදක් සිදු නොකර ඇති බවත් සෞඛ්‍ය අවධානම පිළිබඳව දැනුවත් නොකළ නිසා අදාල දඩමුදල නියම කළ බව නීත්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS