දැඩී මීදුමෙන් ගුවන් ගමන් වලට බාධා !



ගල්ෆ් නිව්ස් ඇසුරෙනි....

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා මේ දිනවල පවතින අධික මීදුම සහිත කාලගුණය හේතුවෙන් එරටින් වෙනත් ගුවන් ගමනාන්ත කරා ගමන් කරන ගුවන්යානා 300ක් ප්‍රමාද වී ගුවන්ගත කෙරිණි.

අලුයම 3.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළ ඩුබායි ,අබුඩාබි සහ සාජා ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් වලින් වෙනත් ගුවන් ගමනාන්ත කරා යෑමට නියමිතව තිබූ ගුවන් යානා මෙලෙස ප්‍රමාද වී තිබේ.

මීට අමතරව ඩුබායි හි ප්‍රධාන මාර්ග රැසක එම කාලය තුළ දැඩි මීදුමක් පැවතීම නිසා කුලී රථ රියදුරන් සහ පෞද්ගලික වාහන ධාවකයින් ඉන් දැඩි අසීරුතාවයට පත්වූහ.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ ඉදිරි දිනවලදී ත් මෙම දැඩි මීදුම් සහිත කාලගුණය පවතින හෙයින් රිය පැදවීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි.

 

තිළිණි ද සිල්වා 

 


RECOMMEND POSTS